මුළු ගතම වෙහෙසුනා
- Lyrics
- Joe B. Perera (ජෝ බී. පෙරේරා)
- Music
- Joe B. Perera (ජෝ බී. පෙරේරා)
- Key
- Eb
- Time
- 6/8
- Rhythm
- calypso
Ad lib
Ebදුප්පත් වෙලා... මම Bb7කම්මලෙ වෙEbහෙසෙනවා
| Eb | - | - | - |
CHORUS
Ebමුළු ගතම වෙහෙසුBb7නා දහඩියෙන් නැහැවුනා
Ebකුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා//
Ebවෙහෙසීලා දුක් විඳලා - කBb7ම්මලේ යEbකඩ තලා//
INTER
| Eb | - | Ab | - |
| Bb | - | Bb7 | - |
| Eb | - | Ab | Bb |
| Eb | - |
VERSE 1
Ebපාන්දරින් නැගිටලාAb - දෙවියන් වැඳ පුදලා
Bb7දරුවන් මුව සිඹලා -Eb ගිනි මැලය දල්වලා
යකඩ ගිනියම් කරලා - ගොනුට ලාඩම් හදලා
Bb7ගැලට පණ උපදවලා - දවසෙEb වැඩ අරඹාලා
Back To Chorus
VERSE 2
Ebදඬු අඬුව තදකළා - යකඩෙAb ඊට හයි කළා
දෑතBb7 වාරුව යොදලා - Ebපීර කිරි කිරි ගාලා
පිහියEb හැඩ වැඩ දාලා - Abමුවත පන්නර තියලා
හැදුBb7වෙ කම්මලෙ කියලා - Ebමාගෙ වරුණෙ පෙන්නලා
Back To Chorus
VERSE 3
කඩ Ebඇණය ඇදවෙලා - යකඩ පAbට්ටම ගෙවිලා
බර Bb7බාගෙ පෙරළිලා - Ebමා ලඟට පැමිණිලා
මම වEbරුණෙ පෙන්නලා - කAbඩි මුඩියෙ වැඩ කළා
බර Bb7බාගෙ නැගිටලා - යEbළි යෑම අරඹලා
Back To Chorus